Friday, May 3, 2024

General line - 0115112241

ජනපති පූටින් ඝාතනයට සැලසුම් කළ යුක්‌රේන කාන්තාව ඝාතනය කෙරේ 




රුසියානු ජනපති ව්ලැඩ්මිර් පූටින් ඝාතනය කිරීමට සැලසුම් කළ බව කියන අමීනා ඔකුසේවා (Amina Okuyeva) යුක්‌රේනයේ කිව් අගනුවර අසලදී ඝාතනය කර තිබෙනවා.

ඇය සිය සැමියා සමඟ මෝටර් රථයකින් ගමන් කරන අවස්‌ථාවේ සැඟවී සිටි අයෙක්‌ වෙඩි තබා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

එහිදී ඇයගේ සැමියා බරපතළ ලෙස තුවාල ලබා තිබෙනවා. 

රුසියානු රජය පවසන්නේ 2012 දී මොස්‌කව් නුවරදී බෝම්බයක්‌ පුපුරුවා ජනපති පූටින් ඝාතනය කිරීමට ඇය සම්බන්ධ බවයි.