Sunday, September 8, 2024

General line - 0115112241

ළිං 12කින් මදුරු විශේෂයක් හමු වෙයි

දිනසේන රතුගමගේ




මදුරු විශේෂයක් යාපනයේ සහ වැල්වැටිතුරේ ප‍්‍රදේශයේ ළිං 12කින් සොයාගෙන තිබෙනවා.

එම මදුරු විශේෂය ඉන්දියාවේ ප‍්‍රචලිත මැලේරියා රෝගයක් බෝ කරන බවටයි මේ වන විට සැක කරන්නේ. 

යාපනය දුම්රියපල අසල ළිං 9 කින්ම මෙම මදුරු විශේෂය හමුවී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

මෙම ළිං සියල්ලම දැනට අතහැර දමා ඇති ළිං බවත් මහජනතාව එම ළිං ප‍්‍රයෝජනයට නොගන්නා බවත් යාපනය සෞඛ්‍ය නිලධාරීන් කියා සිටියා.

ශී‍්‍ර ලංකාව තුළ මැලේරියා රෝගය සම්පූර්ණයෙන්ම තුරන් වී ඇති මොහොතක මෙම මදුරු විශේෂය හමුවීම පිළිබඳව යාපනය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් වැඩි අවධානයක් යොමු කර තිබෙනවා.

මේ පිළිබඳව යාපනය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගෙන් විමසූ අවස්ථාවේදී ඔහු කියා සිටියේ මෙම මදුරු විශේෂය හා ඔවුන්ගේ කීට සාම්පල පරීක්ෂණ කටයුතු  සඳහා යොමු කර ඇති බවයි. එහි ප‍්‍රතිඵල ලැබෙන තෙක් කිසිවක් ප‍්‍රකාශ කළ නොහැකි බවයි ඔහු කියාසිටියේ.

යාපනයේ සෙසු ප‍්‍රදේශවල ද මෙම මදුරු විශේෂය සිටින්නේද යන්න පිළිබඳව සොයා බලන ලෙස ප‍්‍රදේශයේ සියලුම සෞඛ්‍ය නිලධාරිවරුන්ට දැනුම් දී ඇතැයි ද ඔහු වැඩිදුරටත් කියාසිටියා.