Friday, October 18, 2024

General line - 0115112241

ජනපති කැඳවූ ශ්‍රීලනිප සාකච්ඡාවට මන්ත්‍රිවරුන් 46ක් නොයයි




ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් හෙට (03) දිනයේ කැඳවා තිබූ හමුවකට සහභාගි නොවීමට ඒකාබද්ධ විපක්‍ෂය තීරණය කර තිබෙනවා.

ඊට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ මන්තී‍්‍රවරුන්ට සහභාගි වන ලෙසයි දන්වා ඇත්තේ.

එහෙත් ඊයේ (01) පැවති සාකච්ඡාවකින් අනතුරුව ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ සාමාජිකත්වය දරණ ඒකාබද්ධ විපක්‍ෂයේ මන්තී‍්‍රවරුන් 46 දෙනා ඊට සහභාගි නොවීමට තීරණය කර තිබෙනවා.

මේ වනවිට පාර්ලිමේන්තුව නියෝජනය කරන ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ මුළු මන්තී‍්‍රවරුන් සංඛ්‍යාව 96 ක්.

ජනාධිපති මන්දිරයේදී හෙට පැවැත්වෙන එම සාකච්ඡාවට ජාතික ආණ්ඩුව සමග එක්ව සිටින ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ මන්තී‍්‍රවරුන් 41 ක් දෙනෙකු සහභාගිවීමට නියමිතව තිබෙනවා.

ඉදිරි පළාත් පාලන මැතිවරණය සහ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.