Thursday, May 2, 2024

General line - 0115112241

ඕස්ට්‍රේලියානු අගමැති සහ ජනපති මෛත්‍රි අතර හමුවක්




ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ ශී‍්‍ර ලංකාව ගෙනයන සංහිඳියා වැඩපිළිවෙල  ඕස්ටේ‍්‍රලියානු අග‍්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල්ගේ පැසසුමට ලක්ව තිබෙනවා.

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ අද (02) පෙරවරුවේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මුණගැසුණු අවස්ථාවේදී ඕස්ටේ‍්‍රලියානු අග‍්‍රාමාත්‍යවරයා මේ බව කියාසිටියා.

මිනිස් ජාවාරම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට එරෙහිව ශී‍්‍ර ලංකාව ගෙනයන කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන්ද  ඕස්ටේ‍්‍රලියානු අග‍්‍රාමාත්‍යවරයා සිය ප‍්‍රසාදය පළ කළා.

මෙහිදී අදහස් දක්වමින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා කියාසිටියේ ශී‍්‍ර ලංකාව  ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම් කේන්‍ද්‍රස්ථානයක් ලෙස භාවිත කිරීමට උත්සාහ දැරීම විශාල ගැටලුවක් වී ඇති බවයි.

ඒවා මැඩලීමට  ඕස්ටේ‍්‍රලියානු රජයෙන් ලැබෙන සහායට තමන් ස්තුතිය පළ කරන බවයි ජනාධිපතිවරයා මෙහිදි සඳහන් කළේ.

අද පෙරවරුවේ දිවයිනට පැමිණි  ඕස්ටේ‍්‍රලියානු අග‍්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල්  තවත් නොබෝවේලාවකින් දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

 

---------------------------------

ඕස්ට්‍රේලියානු අගමැති ශ්‍රී ලංකාවට

(02-11-2017 07:34)

නිල සංචාරයක් සඳහා ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මීට සුළු වෙලාවකට පෙර දිවයිනට පැමිණියා.

දිවයිනට පැමිණි ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා ජනාධිපති මෙත්‍රිපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා පැවැත්විමට නියමිතයි.

කෙසේවෙතත් ඕස්ට්‍රේලියානු අගමැතිවරයාගේ මෙරට සංචාරය පැය කිහිපයකට සීමා වෙනු ඇති බවයි වාර්තා වෙන්නේ.

ඕස්ට්‍රේලියානු අගමැතිවරයා සමග පැමිණි ධූත පිරිස 13ක් වනවා.