Friday, October 18, 2024

General line - 0115112241

කොළඹ මොනෝ රේල් වැඩ අරඹයි - සිංගප්පූරුවේ ක්‍රමයට හැදෙන්නේ මෙලෙසයි (VIDEO)




කොළඹ නගරය සහ ආසන්න නගර එකතු කරමින්  සැහැල්ලු දුම්රිය මාර්ග 06ක් ඉදිකිරීමට අදාළ  උපදේශක සේවා සැපයීමේ අවස්ථාව කොරියානු සමාගම් වෙත  පිරිනැමීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබෙනවා.

ඒ අනුව  රුපියල් මිලියන 202කට SYE හා Saman Corporation යන ආයතන වෙත  සැහැල්ලු දුම්රිය මාර්ග උපදේශක සේවා අවස්ථාව හිමි වනවා.

මෙම දුම්රිය මාර්ග ඉදිකිරීම සඳහා ජාත්‍යන්තර  ලංසු කැඳවීමේදී  ආයතන 05කින් යෝජනා ඉදිරිපත් වී තිබුණා.

කොළඹ සහ ඒ ආසන්න නගරවල අධික රථවාහන තදබදය නැති කිරීම සහ පොදු ප්‍රවාහන  පද්ධතිය විදිමත් කිරීම  සැහැල්ලු දුම්රිය පද්ධති (මොනෝ රේල් ) හඳුන්වා දීමේ අරමුණ වී තිබෙනවා.

නව මගී ප්‍රවාහන පද්ධති ක්‍රියාත්මක කිරීමට  අදාළ ව්‍යාපෘති රාජ්‍ය සහ පෞද්ගලික  අංශ හවුල් ආයෝජන ව්‍යාපෘති ලෙස ක්‍රියාත්මක වනවා.

බත්තරමුල්ල, කොට්ටාව, කඩුවෙල, මාලබේ ප්‍රදේශ ආවරණය වන පරිදි මෙම මාර්ග පද්ධතිය මේ වනවිට සැලසුම් කර තිබෙනවා.


සිංගප්පූරුව, මැ‍ලේසියාව වැනි රටවල නාගරික ව භාවිත වන මොනෝ රේල් පද්ධතියක් මෙරට තුළ ස්ථාපනය කිරීමට රජයේ බලා‍පොරොත්තුවයි.  

සිංගප්පූරුවේ මොනෝ රේල් පද්ධති  පහතින් දැක්වෙනවා