Sunday, September 8, 2024

General line - 0115112241

රටේ කාලය නාස්ති කළ බවට අගමැතිට චෝදනාවක්

සජිත් තිලකරත්න




භික්ෂූන් වහන්සේලාගේ, රටේ විද්වතුන්ගේ සහ ජනතාවගේ කාලය නාස්ති කිරීම සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍යවරයා වගකිවයුතු බව 'යුතුකම සංවාද කවය' පවසනවා.

එහි සභාපති ගෙවිඳු කුමාරතුංග පැවසුවේ අග‍්‍රාමාත්‍යවරයා ඊයේ (01) පාර්ලිමේන්තුවේ කළ ප‍්‍රකාශය මීට පෙර සිදුකළේ නම් සියලූදෙනා යෝජිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් කිසිවක් වැඩි වශයෙන් සාකච්ඡා නොකරන බවයි. 

එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ "ඒකීය රාජ්‍ය කියන එක පිළිගන්නවා කියලා ආණ්ඩුව කෙලින්ම කලින්ම කිව්වා නම් රටේ මේ තරම් කාලයක් නාස්ති වෙන්නේ නැහැ. රටේ සියලු බුද්ධිමත් පාර්ශ්වයන් පෙරට ආවේ මේ මහා අනතුර දැකපු නිසා." යනුවෙනි.

යෝජිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්‍ෂය සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය තම වගකීම් නිසි ලෙස ඉටුනොකළ බවද මෙහිදි ප‍්‍රකාශ කෙරුණා.