බැඳුම්කර කොමිසමේ සාක්ෂි විමසීම සඳහා අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා ඉදිරියේදී කැඳවීමට බලාපොරොත්තු වන බව බැදුම්කර කොමිසම අද (02) ප්රකාශ කළා.
බැඳුම්කර කොමිසමේ විශේෂ සැසියක් අද පැවැත්වුණු අතර එහි සාක්ෂි විමසන විනිසුරුවන් මේ බව සඳහන් කළ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
අග්රාමාත්යවරයා ඉකුත්දා සඳහන් කළේ බැදුම්කර කොමිසමේ පරීක්ෂණ කටයුතු සඳහා සහයෝගය ලබාදීමට තමන් සූදානම් බවයි.