Thursday, May 2, 2024

General line - 0115112241

රජයේ මුද්‍රණාල සේවකයින්ගේ නිවාඩු අවලංගු කරයි

මේනකා රත්නායක




රජයේ මුද්‍රණාලයේ සේවකයින්ගේ නිවාඩු අවලංගු කර තිබෙනවා.

එළඹෙන අයවැය විවාදය හේතුවෙන් ඊයේ (01) සිට ඔවුන්ගේ නිවාඩු අවලංගු කර ඇති බවයි සහකාර මුද්‍රණාලයාධිපති ගාමිණි වික‍්‍රමසිංහ නෙත් නිවුස් වෙත කියාසිටියේ.

මේ දිනවල අයවැය විවාදයට අදාළ ඇස්තමේන්තු මුද්‍රණ කටයුතු සිදු කෙරෙනවා.

අයවැය විවාදය ආරම්භ වන්නේ ලබන 9 වැනිදායි.

ඒ අනුව නැවත දැනුම්දෙන තෙක් රජයේ මුද්‍රණාල සේවකයින්ගේ නිවාඩු අවලංගු කර ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් දැනුම් දුන් බවයි ගාමිණි වික‍්‍රමසිංහ නෙත් නිවුස් වෙත වැඩිදුරටත් කියාසිටියේ.