Thursday, May 2, 2024

General line - 0115112241

මධ්‍යම පළාත් සභාවේ මන්ත්‍රිවරු දෙදෙනෙක් ඇතුළු පිරිසක් අත්අඩංගුවට

රංජිත් රාජපක්ෂ - හැටන්




ලංකා කම්කරු කොංග්‍රසයේ මධ්‍යම පළාත් සභා මන්ත්‍රීවරුන් දෙදෙනෙකු සහ නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු ඇතුලු සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හැටන් තොන්ඩමන් වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ නම වෙනස් කිරීමට එරෙහිව ඉකුත් 26 වැනිදා හැටන් නගර මධ්‍යයේදී ලංකා කම්කරු කොංග්‍රසයේ ආධරකරුවන් පිරිසක් විසින් සිදුකළ විරෝධතාවයේදී අමාත්‍ය පලනි දිගමිබරම්ගේ ආධාරකරුවෙකුගේ වෙළදසැළකට අලාභහානි සිදු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකළ පැමිණිල්ලක් මත මොවුන් අත්අඩංගුවට ගෙන ගැණුනා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ලංකා කම්කරු කොංග්‍රසයේ උපසභාපති සහ මධ්‍යම පළාත් සභා මන්ත්‍රී පී.ශත්තිවේල්, මධ්‍යම පළාත් සභා මන්ත්‍රී පිලිප් කුමාර්, නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මලර් වාසගම් සහ අඹගමුව ප්‍රාදේශීය සභාවේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රිනී එස්.ලොගනායිගි යන අයයි.