Thursday, May 2, 2024

General line - 0115112241

නරකම රටවල් 10 මෙන්න (VIDEO)

වසන්ත පිවිතුරු




ඉන්ස්ටීටියුට් ඔෆ් ඉකොනොමික් ඇන්ඩ් පීස් ග්ලෝබල් පීස් ඉන්ඩෙක්ස් සංවිධානය මගින් වසරක් පාසා නිකුත් කරනු ලබන ලොව අවදානම් සහිත රටවල් 10 මෙවර ද ප්‍රකාශයට පත්කර තිබෙනවා.

රටක පවතින සාමය, ප්‍රචණ්ඩත්වය, ත්‍රස්තවාදය, දූෂණ ඇතුළු අංශ 23 ආශ්‍රයෙන් මෙම වාර්තාව සැකසෙනවා.

එම සංවිධානයේ විද්වත් මණ්ඩලයක් මගින් අදාළ අංශයන් මනා නිරික්ෂණය කරන අතර නිරික්ෂණය සඳහා විවිධ උපක්‍රම යොදා ගන්නා බවයි  ඉන්ස්ටීටියුට් ඔෆ් ඉකොනොමික් ඇන්ඩ් පීස් ග්ලෝබල් පීස් ඉන්ඩෙක්ස් සංවිධානය පවසන්නේ.

ඒ අනුව උතුරු කොරියාව, පාකිස්ථානය, කොංගො රාජ්‍යය, සූඩානය, සොමාලියාව, අප්‍රිකාව, දකුණු සූඩානය, ඇෆ්ගනිස්ථානය, ඉරාකය, සිරියාව ලොව අවදානම් සහිත රටවල් වශයෙන් මෙම සංවිධානය විසින් නම් කර තිබෙනවා.

සිරියාව

මෙම ලැයිස්තුවේ ඉදිරියෙන්ම සිරියාව පසුවන අතර 2008 වසරේ දී අදාළ ලැයිස්තුවේ සිරියාවට හිමිවුණේ 88 වන ස්ථානයයි.

ඊට ප්‍රධාන හේතුව ලෙස සැලකෙන්නේ එරට තුල ක්‍රියාත්මක අයි එස් අයි එස් ත්‍රස්ත සංවිධානයයි.

එම සංවිධානය සිරියාව ආක්‍රමණය කිරිමත් සමග සිරියාවේ ආර්ථීකය ශුන්‍ය වූ අතර වසර ගණනාවක් ගතවුවද අයි එස් අයි එස් ත්‍රස්ත ග්‍රහණයෙන් මිදිමට සිරියාවට මෙතෙක් නොහැකි වී තිබෙනවා.

උතුරු කොරියාව

ලොව අවදානම් රටවල් ලැයිස්තුවේ දෙවන ස්ථානය හිමිව තිබෙන්නේ උතුරු කොරියාවටයි.

විශාල වශයෙන් අවිආයුධ මිලදී ගැනීම හා න්‍යෂ්ඨික අත්හදා බැලීම හේතුවෙන් ලොව රටවල අපකීර්තියට ලක්ව ඇති උතුරු කොරියාව ඒ හේතුවෙන් සිය ආර්ථිකය අඩාල කර ගන්නා බවයි නිරික්ෂණ සංවිධානය පෙන්වා දී ඇත්තේ.

එමෙන්ම ලොව බලවත් රාජ්‍යයන් රැසක් උතුරු කොරියාවට එරෙහිව යුද්ධය ප්‍රකාශ කර තිබීම ද මීට හේතුක් බව සඳහන්.

ඉරාකය

ලොව රටවල් රැසකට තර්ජනයක් වෙමින් අයි එස් ත්‍රස්තවාදීන් ක්‍රියාත්මක වීම හේතුවෙන් ඉරාකයට අවදානම් ලැයිස්තුවේ තුන්වැනි ස්ථානය හිමි වනවා.

ඉරාකය තුල මුල් බැස ඇති අයි එස් ත්‍රස්තවාදීන් මුලින් උපුටා දැමීම සඳහා ලොව රටවල් කිහිපයක හමුදාවන් එරට ගුවනින් ප්‍රහාර එල්ල කරනු ලබනවා.

ඒ හේතුවෙන් වර්තමාන ඉරාකය ලේවගුරක් බවට පත්ව ඇති බව ඉන්ස්ටීටියුට් ඔෆ් ඉකොනොමික් ඇන්ඩ් පීස් ග්ලෝබල් පීස් ඉන්ඩෙක්ස් සංවිධානය කියා සිටියා.

පාකිස්ථානය

පාකිස්ථානය ඉන්දියාවෙන් වෙන් වීමෙන් පසු අවස්ථා 3කදී ඉන්දියාවට එරෙහිව යුද්ධ කිරිම හේතුවෙන් විශාල ආර්ථික පසුබෑමකට ලක්ව ඇති රටක් වශයෙන් සැළකෙනවා.

එමෙන්ම  වසරකට පාකිස්ථානයේ ත්‍රස්ත ක්‍රියා 1500 ක් පමණ වාර්තා වන අතර තරුණ තරුණියන්ට යුධ අභ්‍යාසය ලබාදීම ලොවට රටවලට විශාල තර්ජනයක් බවට පත්ව තිබෙනවා.

ඉරාකය , ඇෆ්ගනිස්ථානය හා ඉන්දියාවට එරෙහි ත්‍රස්ත ක්‍රියා හා ප්‍රහාර එල්ල කිරිමේ වර්ධනයක් පවත්න බව ද  අනාවරණය වී ඇති බව සඳහන්.

කොංගො රාජ්‍යය

ලොව අවදානම් රටවල් අතර කොංගො රාජ්‍යය හැඳින්වෙන්නේ කාන්තාවන්ට සුදුසු නොවන රාජ්‍යයක් බවටයි.

කාන්තාවගේ ආරක්ෂාව කෙරෙහි ලොව රටවල් අතර කොංගො රාජ්‍යය තුල

ගැටළු රැසක් පවතිනවා.

කාන්තාවන්ට සමාන අයිතිවාසිකම් නොමැතිවීම, නීති විරෝධි වෛද්‍ය ක්‍රම, ද්‍රරිද්‍රතාව හා කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් කොංගෝ රාජ්‍යය අවදානම් රාජ්‍යයක් බවට නම් කර තිබෙනවා.

සුඩානය

සුඩානයේ පවතින අභ්‍යන්තර යුද්ධය හා ජාතීවාදි අරගලය හේතුවෙන් එරට ජන ජීවිතයට නුසුදුසු බවටයි හඳුනාගෙන ඇත්තේ.

සෝමාලියාව

සෝමාලියාවේ සිවිල් යුද්ධය දීර්ඝ කාලයක් තිස්සේ පවතිනවා. එමෙන්ම විවිධ ත්‍රස්ත කණ්ඩායම් අතර පවතින අරගල සෝමාලියාව අගාදයට රැගෙන යන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම පසුගිය මාසයේ දී සෝමාලියාවට එල්ල වු ද්විත්ව බෝම්බ ප්‍රහාරයෙන් 300ක් ජීවිතක්ෂයට පත්වීම ද අදාල සංවිධානය උපුටා දක්වා තිබෙනවා.

අප්‍රිකාව

අප්‍රිකාවේ මුස්ලිම් හා ක්‍රිස්තියානි ආගමිකයන් අතර පවතින ගැටුම් එරට ප්‍රචණ්ඩත්වයට හේතු වී තිබෙනවා.

දකුණු සුඩානය

දකුණු සුඩානයේ පවතින අභ්‍යන්තර අරගලය ද දීර්ඝ කාලයක් තිස්සේ පවතිනවා.

ඒ හේතුවෙන් එරටට තර්ජන රැසක් එල්ලවී ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම දකුණු සුඩානයේ ජීවත්වන ආදීවාසි ගෝත්‍රිකයන් එහි බලය අත්පත් කර ගැනීමට උත්සහ කිරිම එරට අභ්‍යන්තර අරගලයට හේතුවයි.

ඇෆ්ගනිස්ථානය

ඇෆ්ගනිස්ථානය ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරන සාධකයක් ලෙස හඳුනාගෙන ඇත්තේ එරට තුල නිරන්තරයෙන් වෙනස් වන දේශපාලනයයි.

එමෙන්ම අනිසි ආකාරයට හමුදා මැදිහත් වීම ද ඇෆ්ගනිස්ථානයේ ජන ජීවිතයට බාධා එල්ල කරන බවයි ඉන්ස්ටීටියුට් ඔෆ් ඉකොනොමික් ඇන්ඩ් පීස් ග්ලෝබල් පීස් ඉන්ඩෙක්ස් සංවිධානය පවසන්නේ. එම නිසා ඇෆ්ගනිස්ථානය ද අවදානම් රටක් වශයෙන් නම් කර තිබෙනවා.