Thursday, May 2, 2024

General line - 0115112241

ජනපති ලෝක බෞද්ධ මහා සම්මේලනයේ හත්වැනි බෞද්ධ සමුළුව අමතයි




සාමකාමී ලොවක් ගොඩනැගීමට ආගමික දර්ශන කෙරෙන් ලබාදෙන මගපෙන්වීම ඉතා වැදගත් බව ජනාධිපතිතුමා පවසනවා. මෙවර ශී‍්‍ර ලංකාවේදී පැවැත්වෙන ලෝක බෞද්ධ මහා සම්මේලනයේ, හත්වැනි බෞද්ධ සමුළුවේ සමාරම්භක උත්සවය ජනාධිපති  මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (02) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ආරාධනයෙන් මෙවර මෙම සමුළුවව ශී‍්‍ර ලංකාවේදී පැවැත්වෙන අතර, සාමාජික රටවල් 47 ක ප‍්‍රධාන සංඝනායක හිමිවරු තුන්සිය නමක් ප‍්‍රමුඛ ගිහි පැවිදි නියෝජිතයෝ රැසක් මීට එක්ව සිටිනවා. ලෝක සාමය උදෙසා බුදු දහම, යන තේමාව යටතේ පැවැත්වෙන සමුළ්වව අද සිට 07 වනදා දක්වා පැවැත්වෙන අතර නොවැම්බර් 02 සහ 03  දෙදින එය අරලියගහ මන්දිරයේ ප‍්‍රධාන සම්මන්ත‍්‍රණ ශාලාවේදී ද, නොවැම්බර් 04 වන දින සමාප්ති උත්සවය සහ සංස්කෘතික සංදර්ශනය කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී ද පැවැත්වෙනවා.

ජපානයේ උත්තරීතර ලෝක බෞද්ධ සංගමය විසින් මෙහෙයවනු ලබන මෙම සමුළුවේදී ලෝක සාමය හා සාරධර්ම ඇති කරලීම සඳහාත්, ලෝකය පුරා බුදු දහම තවදුරටත් ව්‍යාප්ත කරලීම සඳහාත් වන ප‍්‍රකාශයක්  එළිදැක්වීමට ද නියමිතය.  මෙම සමාරම්භක උත්සවය ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ ලෝකයේ පවතින විවිධ අර්බුද සහ ගැටුම්කාරී තත්ත්වයන් අවම කරමින්, සාමකාමී ලෝකයක් ගොඩනැගීමේදී ආගමික දර්ශන තුළින් සිදු කෙරෙන මගපෙන්වීම ඉතා වැදගත් බවයි.

සමුළුවේ සභාපති පූජ්‍ය කම්බා ලාමා ගබ්ජු ස්වාමින් වහන්සේ විසින් සමුළුවේ ආරම්භක දේශනය සිදු කළා. ලෝක බෞද්ධ මහා සම්මේලනයේ, හත්වැනි බෞද්ධ සමුළුව නිමිත්තෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීම ද සිදු කෙරුණා. ත්‍රෛනිකායික මහා සංඝරත්නය ද, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික‍්‍රම පෙරේරා යන මහත්වරුන් ද දෙස්, විදෙස් ගිහි පැවිදි සම්භාවනීය ආරාධිත පිරිසක් මෙම සමාරම්භක අවස්ථාවට එක්ව සිටියා.