Wednesday, May 15, 2024

General line - 0115112241

බැඳුම්කර විමර්ශන නිලධාරින්ගේ ක්‍රියා කලාපය අභියෝගයකට ලක්කළ පෙත්සම විභාගයට




මහබැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ප්‍රකාශ ලබාගැනීමේදී නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ ක්‍රියා කලාපය අභියෝගයකට ලක්කරමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම දෙසැම්බර් 14 වැනි දා සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (21) තීරණය කළා.

පෙත්සම ගොනුකර ඇත්තේ මහබැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ කළමනාකරුවකු ලෙසට සේවය කරන අයෙක්.

සිය පෙත්සමෙන් ඔහු පෙන්වා දෙන්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තමාගෙන් ප්‍රශ්න කිරීමේදී තර්ජනය කර අමානුෂික ලෙස බලපෑම් කළ බවයි.

නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 8 දෙනකු ඇතුළු පාර්ශ්වකරුවන් 20ක් පෙත්සම මගින් වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.