Friday, May 17, 2024

General line - 0115112241

ප්‍රධාන පක්ෂවලින් අපරාධවලට සම්බන්ධ අයත් නාමයෝජනා දීලා

ඩිල්ෂාන් මඩවල




ප‍්‍රධාන දේශපාලන පක්‍ෂ අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් මෙවර පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා ලැයිස්තුවලට ඇතුළත් කර ඇති බවට පැෆරල් සංවිධානය වෙත පැමිණිලි කිහිපයක් ලැබී තිබෙනවා.

ඒ අතර ඇතැම් පුද්ගලයින්ට අධිකරණයේ නඩුද පවතින බවයි එහි විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි නෙත් නිවුස් වෙත කියාසිටියේ.

පළාත් පාලන මැතිවරණයට අදාළව මේ වනවිට ප‍්‍රචණ්ඩකාරී සිද්ධීන් කිහිපයක් ද වාර්තා වී ඇති බවයි ප‍්‍රකාශ කෙරුණේ. 

මැතිවරණ සමයේ ඡන්ද අල්ලස් ලෙස බඩුබාහිරාදිය බෙදාදීම තහනම් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය ඊයේ (18) මාධ්‍ය හමුවකදි කියාසිටියා.

ජනතාවට ලැබෙන වරප‍්‍රසාද අහිමි නොවන පරිද එම තහනම කි‍්‍රයාත්මක කිරීමට විකල්ප ක‍්‍රමයක් යොදා ගන්නා බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.