Friday, May 17, 2024

General line - 0115112241

අවුරුදු 23 ත් 55 ත් අතර කලාකරුවන්ට අද එන්නලු




කලාකරුවන් සඳහා වූ විශේෂ වැඩසටහනක් අද (19) සංවිධානය කර තිබෙනවා.

එහිදී කලාකරුවන් 150 දෙනෙකුට දායක විශ‍්‍රාම වැටුප් පිිරිනැමීම සිදු කෙරෙනවා.

ඒ, බත්තරමුල්ල 'අපේ ගම' පරිශ‍්‍රයේදීයි.

අවුරුදු 23 ත් 55 ත් අතර ඕනෑම කලාකරුවෙකුට මෙම විශ‍්‍රාම වැටුප සඳහා දායක විය හැකි බවයි සංස්කෘතික කටයුතු අධ්‍යක්‍ෂ අනූෂා ගෝකුල ප‍්‍රනාන්දු නෙත් නිවුස් වෙත කියාසිටියේ.

විශ‍්‍රාම වැටුපෙන් ප‍්‍රතිලාභ ලබන කලාකරුවන් සඳහා අර්ධ ආබාධිත, පූර්ණ ආබාධිත සහ මරණය වැනි අවස්ථාවන්වලදි විශාල පාරිතෝෂිත මුදල් ද හිමිවනු ඇති.