Friday, May 17, 2024

General line - 0115112241

වයිබර් තාක්ෂණයෙන් පිළිතුරු ලියූ සිසුවාට වෙච්ච දේ

නිශාන් ද සිල්වා




විභාග මධ්‍යස්ථානයට ජංගම දුරකතනයක් රැගෙනවිත් වයිබර් තාක්‍ෂණය ඔස්සේ පිටස්තර පුද්ගලයෙකුගෙන් උදවු ගෙන  සාමාන්‍ය පෙළ විභාගයේදී පිළිතුරු ලියූ සිසුවාට විභාග තහනමක් පනවා තිබෙනවා.

දෙවනවර අයදුම්රුවෙකු ලෙස ඔහු විභාගයට පෙනී සිටියේ අනුරාධපුර හරිස්චන්ද්‍ර විද්‍යාලයේයි.

විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත නෙත් නිවුස් වෙත කියාසිිටියේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ඉදිරි විභාග ඔහුට තහනම් කළ බවයි.

ඊයේ (18) පැවති ගණිතය ප‍්‍රශ්න පත‍්‍රයේ පළමු ප‍්‍රශ්න පත‍්‍රයට පිළිතුරු ලියමින් සිටියදී අදාළ සිසුවාව විභාග පරීක්‍ෂකවරුන්ට හසුවී තිබෙනවා.

අදාළ ජංගම දුරකතනය ශාලාධිපතිවරයා සිය භාරයට ගෙන පසුව පරීක්‍ෂණ සඳහා එය පොලීසියට භාරදුන් බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ.

* කොළඹ පාසලක විභාග මධ්‍යස්ථානයකදීත් සිසුවෙක් කළ වංචාවක් හෙළිවෙයි -  (එම පුවතට මෙතැනින් පිවිසෙන්න)