Friday, May 17, 2024

General line - 0115112241

මහේස්ත්‍රාත්වරිය ඇතුළු පවුලේ අය ගමන් ගත් මෝටර් රථය අනතුරට (PHOTOS)




හලාවත කොළඹ ප්‍රධාන මාර්ගයේ මාදම්පේ, පම්බල ප්‍රදේශයේදී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක හැපීමෙන් එහි ගමන් ගත් මහේස්ත්‍රාත්වරියක් ඇතුළු පවුලේ පිරිස තුවාල ලබා හලාවත මහා රෝහලට ඇතුලත් කර තිබෙනවා.

අද (19 ) අළුයම සිදු වූ මේ අනතුරින් තුවාල ලබා ඇත්තේ හලාවත සිංහපුර පදිංචිව සිටි මහේස්ත්‍රාත්වරියක් වන කවීෂා නදීෂානි සහ ඇයගේ ස්වාමිපුරුෂයා වන හලාවත මහා රෝහලේ වෛද්‍යාවරයෙකු වන අසංක සොහාන් පෙරේරා හා මෙම දෙපලගේ දියණිය වන සෙව්මිණි පෙරේරායි.

කොළඹ ප්‍රදේශයේ පැවති වැඩසටහනකට සහභාගී වී ආපසු නිවෙස බලා එන අතරතුර මේ තිදෙනා අනතුරට මුහුණ දී තිබෙනවා.

රියදුරුට නින්ද යාම හේතුවෙන් රථය මාර්ගයෙන් ඉවතට පැන ගසක හැපී ඇති බව මේ වන විට අනාවරණය වී ඇති බවයි මාදම්පේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වසන්ත කුමාර පැවසුවේ.

අනතුරින් මෝටර් රථයට බරපතල හානි සිදුව තිබෙනවා.