Friday, May 17, 2024

General line - 0115112241

කොළඹ පාසලක විභාග මධ්‍යස්ථානයකදීත් සිසුවෙක් කළ වංචාවක් හෙළිවෙයි




ජංගම දුරකථන භාවිත කරමින් සාමාන්‍ය පෙළ විභාගයට පිළිතුරු සැපයූ කොළඹ පාසලක සිසුවෙකු පිළිබඳවත් මේ වන විට තොරතුරු වාර්තා වී තිබෙනවා.

ගණිතය ප්‍රශ්න පත්‍රය සඳහා පිළිතුරු ලිවීමට මෙම සිසුවා ජංගම දුරකතනය රැගෙන පැමිණ ඇති බවටයි මේ වන විට අනාවරණය වී ඇත්තේ.

ඔහු පුද්ගලික අයදුම්කරුවෙකු වන අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව වැඩි දුරටත් කියා සිටියේ.

මේ අතර ඊයේ (18) පැවති ගණිතය ප‍්‍රශ්න පත‍්‍රයේ පළමු ප‍්‍රශ්න පත‍්‍රයට වයිබර් තාක්ෂණයෙන් පිළිතුරු ලියමින් සිටියදී අනුරාධපුර ප්‍රදේශයේ පාසලකද සිසුවෙකු පිළිබඳව අනාවරණ වුණා.

(එම පුවත සඳහා මෙතැනින් පිවිසෙන්න...)