Friday, May 17, 2024

General line - 0115112241

රටටම වින කරමින් 'රුසියාවේ දී ලංකාවේ තේ තහනම් කළ' කප්රා බීට්ල් ගැන ඇත්ත කතාව මෙන්න




රුසියාවට අපනයනය කරන තේ බහලුමක තිබී හමුවූ කෘමියා ලංකාවේ  වගාවක මෙතෙක් හමුවී  නොමැති  බව ශ්‍රී  ලංකා තේ පර්යේෂණ මණ්ඩලයේ සභාපති  එම්.එම්.ජේ.බී. ගවරම්මාන  පවසනවා.


කප්රා බීට්ල්  නැමති කෘමියාගේ සුහුඹුලකු හමුවීමේ සිද්ධියක් නිසා රුසියානු රජය මගින් ලංකාවේ තේ හා සියලු කෘෂි නිෂ්පාදන මිළදී ගැනීම තාවකාලිකව මේ වනවිට තහනම් කර තිබෙනවා.


මෙම කප්රා බීට්ල්  කුරුමිණි විශේෂය  ලංකාවේ තේ කර්මාන්තයේ හෝ තේ වගාවේ වගේම වෙනත් කිසිම වගාවක වාර්තා වී නොමැති නිසා  අදාළ බහලුම්වල තිබී හසු වුණේ කෙසේද යන්න  පර්යේෂකයින්ටත් යම්කිසි ගැටළු සහගත තත්වයක්මෙ බවයි ඔහු පෙන්වා දෙන්නේ.