Friday, May 17, 2024

General line - 0115112241

'එතුමා මෝඩත් නෑ.. මම මෝඩත් නෑ' - ලැබුණයි කියන යෝජනාව ගැන මහින්දගෙන් පිළිතුරු

කසුන් කැලුම්




ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරය භාර ගැනීමට තමන්ට ආරාධනා කළහොත් එය ප‍්‍රතික්‍ෂේප කිරීමට තරම් තමන් අඥාන නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට සිය නිල නිවසේදී පිළිතුරු ලබාදෙමින් හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.

එහිදී "එ්ක නම් සම්පූර්ණ බොරුවක්...කොයි වෙලාවකවත් එහෙම යෝජනාවක් ආවේ නැහැ.. එතුමා එහෙම යෝජනාවක් ගේන්න තරං මෝඩත් නෑ..මම එහෙම යෝජනාවක් ආවා නම් ඒක ප්‍රතික්ෂේප කරන්න තරම් මෝඩත් නෑ.." යනුවෙන්ද සඳහන් කළා.

කළුතර නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්තී‍්‍රවරයෙකු ලෙස කටයුතු කළ ලසිත් සුකුමාල් පෙරේරාද හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදී පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත්තා.