Friday, May 17, 2024

General line - 0115112241

දුම්රිය මෝටර් ට්‍රොලිය නිසා වෙන්න ගිය විපත වැළැක් වූ රියදුරා (VIDEO)

රංජිත් රාජපක්ෂ - හැටන්




නාවලපිටියේ සිට නානුඔය දක්වා දුමිරිය මාර්ග පරික්‍ෂා නිළධාරින් පිරිසක් රැගෙන ධාවනය වු දුම්රිය මෝටර් ට්‍රොලියක ගැටි සිදුවිමට ගිය විශාල අනතුරක් වලක්වා ගැනිමට පෞද්ගලික බස් රථයක රියදුරෙකු සමත්වි තිබෙනවා.

අද (19) පමණ මෙම අනතුර සිදුවී ඇත්තේ නාවලපිටිය සහ ඉඟුරුඔය සමනළගම 89/43 දරණ දුමිරිය මුරගේටිටුව අසලදියි.

දුමිරිය ධාවනය වන අවස්ථාවේ දුමිරිය ගේටිටු මුරකරු දුමිරිය ගේටිටුව නොවසා ඒ අසල වු ඔහුගේ නිවසට ගිය අවස්ථාවේ මෙම අනතුර සිදුවිමට ගිය බවයි පෞද්ගලික බස් රථයේ රියදුරා පවසන්නේ.

ඉඟුරුඔයේ සිට සමනලගම හරහා නාවලපිටිය දක්වා ධාවනය වු බස් රථය දුමිරිය මාර්ගයට ඇතුල් කරන අවස්ථාවේ නානුඔය දක්වා ධාවනය වු දුම්රිය මෝටර් ට්‍රොලිය දැක බස් රථය නතර කර ගැනිමට එහි රියදුරා සමත්වී තිබෙනවා.

එම අවස්ථාවේ දුම්රිය මෝටර් ට්‍රොලිය ද නතර කර ගැනිමට එහි රියදුරා සමත් වි තිබෙනවා.

එම සිද්ධියත් සමගම එම ස්ථානය දැඩි නොසන්සුන්තාවයක් හට ගත්තා.

නාවලපිටිය  පොලිසිය මගින් වැටුප් ගෙවා මෙම ගේටිටුමුරකරු රාජකාරියේ යොදවා ඇති අතර මෙම සිද්ධිය සමිබන්ධයෙන් බස් රථයේ රියදුරා ඇතුලූ බස් රථයේ ගමන් ගත් මගින් නාවලපිටිය පොලිසියට හා නාවලපිටිය දුමිරිය ස්ථානයට පැමිණීළි කර තිබෙනවා.

මේ සමිබන්ධයෙන් ගේටිටු මුරකරු වන ඩික්සන් රොබටි පවසන්නේ තමන්ට දුම්රිය මෝටර් ට්‍රොලියක් ධාවනය වන බව නාවලපිටිය දුමිරිය ස්ථානයෙන් දැනුමි දීමක් සිදුනොකළ නිසා අවශ්‍යතාවයක් මත තමන් නිවසට ගිය බවයි.