Friday, May 17, 2024

General line - 0115112241

රාජ්‍ය බැංකුවක් කොල්ලකෑමට පැමිණි සොරුන්ට වෙච්ච දේ




අහංගම නගරයේ රාජ්‍ය බැංකුවක් කොල්ලකෑමට දැරූ උත්සහයක් අද (19) පස්වරුවේ ව්‍යර්ථ කෙරුණා.

බැංකුව කොල්ලකෑමට පස්වරු 01:45 ට පමණ පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ තිබුණේ යතුරු පැදියකින්.

බැංකුවේ ආරක්ෂක නිලධාරියෙකුගේ ගිනි අවිය කොල්ලකා කොල්ලය සිදු කිරීමටයි ඔවුන් උත්සහ දරා ඇත්තේ.

එහි සිටි අනෙක් ආරක්ෂක නිලධාරියා එහිදී කොල්ලකරුවන්ට වෙඩි තබා තිබෙනවා.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ එක් කොල්ලකරුවෙකු කරාපිටිය රෝහලට ඇතුළත් කෙරුණා.

ඔහු මේ වනවිට පොලිස් ආරක්ෂාව යටතේ රෝහලේ ප‍්‍රතිකාර ලබනවා.

අනෙක් සැකකරු යතුරුපැදියෙන්ම පලා ගොස් තිබුණා. සිද්ධිය සම්බන්ධයෙන් අහංගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.