Friday, May 17, 2024

General line - 0115112241

පේදුරුතුඩුවේ ගින්නක්

දිනසේන රතුගමගේ - වවුනියාව




යාපනයේ පේදුරුතුඩුව ප්‍රදේශයේ වෙළෙඳ සැලක ඉහල මාලයේ අද (19)  සවස ඇතිවූ ගින්නක් මැඩපවත්වා වෙළෙඳ සැලට කිසිඳු හානියක් සිදු නොවන අන්දමට එය බේරා දීමට පේදුරුතුඩුවේ යුදහමුදාව ,පොලීසිය හා නගරවාසීන් සමත් වී තිබෙනවා.

හදිසියේම ඇතිවූ මේ ගින්න අනෙක් වෙළෙඳ සැල් වෙත පැතිර යාම වැලැක්වීමට පිරිසක් කටයුතු කරද්දී අනෙක් පිරිස වෙළෙඳ සැලේ ඇති වූ ගින්න නිවා දැමීමට කටයුතු කළ බවයි නෙත් නිව්ස් වාර්තාකරු පැවසුවේ.

යාපනයේ සිට පේදුරුතුඩුවට යාපනය නගර සභාවේ ගිණි නිවන රථ පැමිණීමට විශාල කාලයක් ගත වන බැවින් යුද හමුදාව හා පොලීසිය වතුර බවුසර් රැගෙන විත් නගර වාසීන්ගේ ද සහය ඇතිව ගින්න මැඩපවත්වා තිබෙනවා.

වෙළෙඳ සැල තුල සිදුවූ විදුලිය කාන්දු වීමකින් මෙම ගින්න හටගන්නට ඇතැයි විශ්වාස කරන බවයි පේදුරුතුඩුව පොලීසිය පැවසුවේ.