Friday, May 17, 2024

General line - 0115112241

වෙසක් පොහොය දිනය ගැන ගැටළුවක් නෑ

සමන්ත කුමාර




ලබන වසරේ වෙසක් පොහොය දිනය සම්බන්ධයෙන් කිසිඳු ගැටළුවක් නොමැති බව ආණ්ඩුව අද (19) යළි අවධාරණය කළා.

, කොළඹ අද (19) පැවති මාධ්‍ය හමුවකදීයි.

එහිදී අදහස් දැක්වූ ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන කියා සිටියේ පොහොය දිනය තීරණය කරනු ලබන්නේ චන්ද්‍රයාගේ හැසීරීම අනුව මිස රජයට හෝ දේශපාලනඥයන්ට එය තීරණය කළ නොහැකි බවයි.

එය දේශපාලනයට හරවා ගැනීම සුදුසු නොවන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

මෙම මාධ්‍ය හමුවට පොහොය කමිටු සාමාජික පූජ්‍ය අකුරැටියේ නන්ද හිමියන්ද සහභාගී වී සිටියා.

උන්වහස්සේ කියා සිටියේ මෙය අහඹු සිදුවූ දෙයක් නොවන බවත් මෙය සාමාන්‍යයෙන් වසර 19 කට වරක් සිදුවන බවයි.

2018 වසරේ වෙසක් පොහොය යෙදී ඇත්තේ අපේ‍්‍රල් මස 29 වනදාටයි.