Friday, May 17, 2024

General line - 0115112241

නිමල් ලන්සා නියෝජ්‍ය අමාත්‍යවරයා ධුරයෙන් ඉවත්වීමට හේතුව කියයි




තමන් ඒකාබද්ධ විපක්ෂයට එක්වීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් අද (19) ඉල්ලා අස්වූ නිමල් ලන්සා පවසනවා.

ඔහු කියා සිටියේ තමන් තවදුරටත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රීවරයෙකු ලෙස ස්වාධීනව කටයුතු කරන බවයි.

ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ නිමල් ලන්සා, ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් අද (19) ධුරයෙන් ඉල්ලා අස්වුණා.

ඔහු ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියේ දැක්වෙන්නේ තමා කලක සිට මීගමුව මැතිවරණ බල ප‍්‍රදේශයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ප‍්‍රධාන සංවිධායක ධුරය අපේක්ෂාවෙන් සිටි බවයි.

එය නොලැබීම සහ එම ආසනයට නව සම සංවිධායකවරයෙකු පත් කිරීම පිළිබඳ තමන් කලකිරීමට පත්ව සිටින බවද එහි දැක්වෙනවා.

එම තත්ත්වය තුළ තමන් ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බවයි ඔහු ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ.