Friday, May 17, 2024

General line - 0115112241

මහින්දගේ මුහුණ දාපු ලිපි ශීර්ෂය අවලංගු කරන්නලු

ඉන්දික අරුණ කුමාර




ශ‍්‍රි ලංකා පොදු ජන පෙරමුණ යටතේ මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන රාජ්‍ය හා සංස්ථා මණ්ඩලවල සේවකයින්ගේ නිවාඩු අනුමත කිරීම සඳහා කූඨ ලිපි ශිර්ෂයක් යොදාගෙන ඇති බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නිවේදනය කරනවා.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය වෙත ලිපියක් යොමුකරමින් මාතලේ දිස්ත‍්‍රික් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක සුසිල් ප්‍රේමරත්න මේ බව සඳහන් කර තිබෙනවා.

ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණ විසින් භාවිත කරන ලිපි ශිර්ෂයක ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපති මෙන්ම වත්මන් අනුශාසක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඡායාරුපය සහිත ලිපි ශිර්ෂයක් මගින් ආයතන ප‍්‍රධානින් වෙත නිවාඩු ලබා ගැනීම සඳහා ලිපි ඉදිරිපත් කර ඇති බවයි සුසිල් පේ‍්‍රමරත්න පෙන්වා දෙන්නේ.

එම ලිපි අවලංගු කිරීමට හෝ පිලිනොගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරන මෙන් මාතලේ දිස්ත‍්‍රික් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක සුසිල් පේ‍්‍රමරත්න මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටිනවා.

(අදාළ ලිපියේ පිටපතක් පහතින් දැක්වෙයි)