Friday, May 17, 2024

General line - 0115112241

කුඩා තේ වතු හිමියන්ට බිය හා සැකය

තරංග රුක්ෂාන් ජයසේකර




ශ‍්‍රී ලංකාවේ තේ සඳහා රුසියාව පැනවූ තහනම හේතුවෙන් වැඩි වශයෙන් බලපෑමට ලක්වන්නේ තමන් බව කුඩා තේ වතු හිමියන් පවසනවා.

කුඩා තේ වතු හිමියන්ගේ ජාතික සම්මේලනයේ ජාතික සංවිධායක ලාල් පේ‍්‍රමනාත් කියා සිටියේ තේ දළු මිල ඉදිරි දිනවලදී අඩුවීමේ අවදානමක් ද මේ සමග ඇතිවනු ඇති බවයි. 

රුසියාව ගත් ක‍්‍රියාමාර්ගය වෙනත් රටවල් ද අනුගමනය කළහොත් කුඩා තේ වතු හිමියන් තවදුරටත් ගැටළුකාරී තත්වයකට පත්වනු ඇති බවයි ඔහු මෙහිදී වැඩි දුරටත් ප‍්‍රකාශ කළේ. 

රුසියාව පැනවූ තේ තහනම ඉකුත් 18 වැනිදා සිට බලපැවැත්වෙන බවයි පැවසෙන්නේ. එහෙත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් නිල වශයෙන් දැනුම් දී නැතැයි ශ‍්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනය නෙත් නිවුස් වෙත ප‍්‍රකාශ කළා.