Friday, May 17, 2024

General line - 0115112241

ගවේෂණයකින් සොයාගත් සාම්පූර් චෛත්‍ය ඩෝසර් කළ පිරිස සොයා මෙහෙයුම්

අමදෝරු අමරජීව




පුරාවිද්‍යා ගවේෂණ කණ්ඩායමක් විසින් ඉකුත්දා සොයාගත් සාම්පූර් ප‍්‍රදේශයේ පිහිටි ගරා වැටුණු චෛත්‍යයක් බවට සැලකෙන ස්ථානය කිසියම් පිරිසක් ඩෝසර් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අංශ කිහිපයකින් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

මෙම චෛත්‍ය අනුරාධපුර මුල් යුගයට අයත් එකක් බවයි පැවසෙන්නේ. එය අඩි 15ක වට ප‍්‍රමාණයකින් යුක්තයි. චෛත්‍ය සොයාගත්තේ නැගෙනහිර පළාතේ සිදු කරන පුරාවිද්‍යා ගවේෂණ ව්‍යාපෘතියකට අනුවයි.

එය අනාවරණය කරගෙන දින කිහිපයකට පසු චෛත්‍ය ඩෝසර් කර ඇති බවයි පුරාවිද්‍යා බලධාරීන් පවසන්නේ. 119 අංකයට ලද ඇමතුමකට අනුව පොලිසිය කළ නිරීක්ෂණයක දී ඒ පිළිබඳ පළමුව තොරතුරු අනාවරණ වුණා.

සිද්ධිය සම්බන්ධයෙන් නෙත් නිවුස් සේරුවිල මංගල රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය මුංහේනේ මෙත්තාරාම හිමියන්ගෙන් ද විමසීමක් කළා. උන්වහන්සේ කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයා, ආණ්ඩුකාරවරයා සහ දිසාපතිවරයා දැනුවත් කළ බවයි. 

සිද්ධිය පිළිබඳ පුරාවිද්‍යා පොලිස් ඒකකය දැනුවත් කළ බවත් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට පිටත්කර හැරි බවත් නෙත් නිවුස් කළ විමසීමකදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ත‍්‍රීකුණාමල සහකාර අධ්‍යක්‍ෂ ඩබ්ලිව්. එච්. ඒ. සුමනදාස කියා සිටියා. 

මේ අතර චෛත්‍ය ඩෝසර් කිරීම සම්බන්ධයෙන් පොලිසිය මූතූර් මහේස්ත‍්‍රාත් අධිකරණයට ද කරුණු වාර්තා කර තිබෙනවා.