Sunday, May 12, 2024

General line - 0115112241

මහරගම වෙනු‍වෙන් පොහොට්ටුව අධිකරණයට යයි

අධිකරණ වාර්තාකරු




පොදුජන පෙරමුණ පක්ෂය ඉදිරිපත් කළ නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීමට මැතිවරණ කොමිෂන් සභාවේ කොළඹ දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරිණිය ගත් තීරණය අභියෝගයට ලක්කරමින් එම පක්ෂයේ සාමාජිකයන් හත් දෙනෙකු අද (22) ශ්‍රේෂ්ඨාධිකරණයේ රිට් පෙත්සමක් ගොනු කළා.


එම පෙත්සමෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය ,එම කොමිෂන් සභාවේ අනෙකුත් සාමාජිකයන්, කොළඹ දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරිණිය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා , එ.ජා.ප. මහලේකම්වරයා සහ ජ.වි.පෙ. මහලේකම්වරයා වගඋත්තරකරුවන් ලෙසට නම් කර තිබෙනවා.

ඒ අනූව තම පක්ෂය විසින් මහරගම නගර සභාවට ඉදිරිපත් කළ නාම යෝජනා පිළිගන්නා ලෙසට නියම කරමින් මහරගම නගර සභාව සම්බන්ධයෙන් කටයුතු කළ තේරීම් නිළධාරීණිය වෙත රිට් නියෝගයක් නිකුත් කරන ලෙසට පෙත්සම්කරුවන් ඉල්ලා සිටියා.

පළාත් පාලන මැතිවරණ පනතේ ප්‍රතිපාදන වලට අනූව කාන්තාවන් සඳහා වෙන්කළ යුතු නියෝජනය නාම යෝජනා ලැයිස්තුවට ඇතුළත් නොකිරීමේ පදනම මත මෙම නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කර තිබුණා.


නිසි විභාගයකින් තොරව ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ ගැටලුක් මත නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට තේරීම් භාර නිළධාරිණිය කටයුතු කර ඇති බවට පෙත්සම්කරුවන් මෙමගින් පෙන්වා දී තිබෙනවා.