Sunday, May 12, 2024

General line - 0115112241

කිසිඳු නාම යෝජනාවක් ප‍්‍රතිකේෂ්ප නොවී දූෂිතයන්ගෙන් තොර පිරිසිදු ලැයිස්තු ඉදිරිපත් කිරීමට ජවිපෙට හැකිවුණා (PHOTOS)




නාම යෝජනා භාරදීමේ අදියර දෙකේදීම කිසිඳු නාම යෝජනා ලැයිස්තුවක් ප‍්‍රතිකේෂ්ප නොවී ආරම්භයේදීම ඉතාම සාර්ථකව නාමයෝජනා භාරදීමට තම පක්ෂයට හැකි වූ බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මේ පිළිබඳව කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (22)  පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින්.

උතුරේ යාපනය දිස්ති‍්‍රක්කයේ පළාත් පාලන ආයතන 04ක්, කිලිනොච්චියේ 01ක්, මන්නාරම 01ක් සහ වව්නියාව ආයතන 05 සඳහාත් නැගෙනහිර පළාතේ ති‍්‍රකුණාමලය දිස්ති‍්‍රක්කයේ සියලූම ආයතන සඳහාත් අම්පාර දිස්ති‍්‍රක්කයේ ආයතන 12ක් සහ මඩකලපුව දිස්ති‍්‍රක්කයේ ආයතන 06ක් ඇතුළුව මුලූ රටේම පළාත් පාලන ආයතන 311ක් සඳහා නාමයෝජනා භාරදීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කළා.

බණ්ඩාරවෙල නගර සභාවට සහ බණ්ඩාරවෙල ප‍්‍රාදේශීය සභාවට ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායමක් ඉදිරිපත් කළේ නැහැ.

එම ප‍්‍රදේශයේ ජනතාවගේ ඉල්ලීම පරිදි උමාඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණ සංවිධානය මගින් ජේවීපී, ශී‍්‍රලනිප, යූ ඇන්.පී. සාමාජිකයින්ගෙන් යුත් ස්වාධීන කණ්ඩායමක් ඉදිරිපත් කොට තිබෙනවා.

ජනතා විමුක්ති පෙරමුණේ නාම යෝජනා තුළ වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් ඇතුළු වෘත්තිකයින්ද, කලාකරුවන්, ගොවි නායකයින්, ධීවර සමිති නායකයින් කාන්තා සහ තරුණ නියෝජිතයින්, සිංහල, දෙමළ, මුස්ලිම් සියලූ දෙනා ආගම් බේදයකින්, ජාති බේදයකින් තොරව නියෝජනය කරන බවයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් මන්ත්‍රී විජිත හේරත් කියා සිටියේ.