Sunday, May 12, 2024

General line - 0115112241

හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඇතුළු 6ට අධිකරණ අද දුන්නු තීන්දුව

අධිකරණ වාර්තාකරු




2008 සහ 2009 වර්ෂයන්හිදී කොළඹ ප්‍රදේශයේ ස්ථාන කිහිපයකදී තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ චෝදනාවට අත් අඩන්ගුවට ගෙන ඇති හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩි.කේ.පි. දසනායක ඇතුළු හය දෙනෙකු ජනවාරි මස 2 දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරනය අද (22) නියෝග කළා.

හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩි.කේ.පි. දසනායක බන්ධනාගාර නිලධාරීන් විසින් අද (22) අධිකරනයට ඉදිරිපත් කෙරුණේ නැහැ.

අතුරුදන් වූ පුද්ගලයින් පැහැර ගැනීමට යොදා ගත්තායැයි සැලකෙන වැලිසර නාවික හමුදා කදවුරේ තිබී සොයා ගත් වාහනයට අදාල රසපරීක්ෂකවරයාගේ වාර්තා මීට පෙර අධිකරනයට ඉදිරිපත් කරනු ලැබුවා.

සැකකරුවන් මහාධිකරනයේ ඇප ඉල්ලා ගොනු කර ඇති ප්‍රතිශෝධන පෙත්සම ජනවාරි මස 9 දා සලකා බැලීමට මීට පෙර දින නියම කළා.

හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩි.කේ.පි. දසනායක වැලිසර නාවික හමුදා රෝහලෙන් බන්ධනාගාර රෝහල වෙත මාරු කරන ලෙසට මීට පෙර අධිකරනය නියෝග කරනු ලැබුවා.