Saturday, May 11, 2024

General line - 0115112241

ඇඳුම සරල වුනත් අයිතිය රජ පවුලට! වටිනාකම රුපියල් කෝටි 116ක් (PHOTOS)

වෙස්ට් බ්‍රිටන් පුවත්පත ඇසුරෙන්




බ්‍රිතාන්‍ය හැරි කුමරුගේ සහ මෙගාන් මර්කල් යුවළගේ විවාහක ගිවිසුමේ ඡායාරූප ඊයේ  (22) නිල වශයෙන් හෙළි දක්වනු ලැබුවා.

ලොව පුරා විශාල පිරිසක් මෙම ඡායාරූප දැක බලා ගැනීම සඳහා වැඩි බලාපොරොත්තුවෙන් සිටි බවයි විදෙස් වාර්තා පවසන්නේ.

36 වැනි වියේ පසුවන මෙගාන් මර්කල් සිය විවාහක ගිවිසුමේ දී ඇය විසින් ඇඳ පැළඳ සිටි වස්ත්‍රය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු වූ බව සඳහන්.

දුඹුරු පැහැයෙන් යුතු එම වස්ත්‍රය දිස්නයකින් යුත්තයි.  එය කැරට් 22 සී කුයින්ස් වර්ගයකින් නිමවා ඇති බවද සඳහන්.

එහි මිළ බ්‍රිතාන්‍ය පවුන් 56000 ක් වන බවයි බ්‍රිතාන්‍ය රජ පවුලේ ආරංචි මාර්ග කියා සිටියේ.

එය නිර්මාණය කිරිම සඳහා පැය 1200ක් ගතව ඇති අතර බ්‍රිතාන්‍ය පෞද්ගලික ආයතනයක නිර්මාණකරුවෙකු විසින් එය නිර්මාණය කර තිබෙනවා.

එම නිර්මානයේ සම්පුර්ණ අයිතිය බ්‍රිතාන්‍යයේ රජ පවුල සතු වන අතර වස්ත්‍රයේ අයිතිය වෙනුවෙන් ද පවුන් 1000 ක් අමතරව ගෙවා ඇති බවයි බ්‍රිතාන්‍යයේ රජ පවුල ප්‍රකාශ කර ඇත්තේ.