Saturday, May 11, 2024

General line - 0115112241

හොර පාරෙන් ඔස්ටේ‍්‍රලියා ගිය 19 දෙනෙකුට ඇප

ටෝනි කරුණානාකය - ගම්පහ




නීති විරෝධී ලෙස ඔස්ටේ‍්‍රලියාවට ගොස් සිටියදී එරට බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කළ පුද්ගලයන් 19 දෙනෙකු අද (22) ඇප මත මුදා හැරුණා.

, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් එම පිරිස අද (22) මිනුවන්ගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදියි.

එහිදී එක් අයෙකුට රුපියල් 10,000 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂය බැගින් වු ශරීර ඇප මත මුදා හැරීමටයි මිනුවන්ගොඞ මහේස්ත‍්‍රාත් ශිලනි චතුරන්ති පෙරේරා නියෝග කළේ.

එම පුද්ගලයන් ඉරණවිල, කොඩිකාමම්, ත‍්‍රිකුණාමලය, මූතූර් හලාවත, වෙන්නප්පුව සහ බේරුවල යන ප‍්‍රදේශවල පදිංචිකරුවන් බවයි අනාවරණ වී ඇත්තේ.