Sunday, May 12, 2024

General line - 0115112241

තිරප්පනේ වෙනුවෙනුත් පොහොට්ටුව කරන්න යන දේ මෙන්න

සමන්ත කුමාර




තිරප්පනේ ප‍්‍රාදේශිය සභාව සහා ඉදිරිපත් කළ නාම යෝජනා පත‍්‍රය ප‍්‍රතික්ෂේප කිරීමට එරෙහිව පෙත්සමක් ගොනු කරන බව ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසනවා.

එම පෙත්සම ලබන අහරුවාදා (26) ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවයි එහි ප‍්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත කියා සිටියේ.

මේ අතර, මහරගම නගර සභාවට ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඉදිරිපත් කළ නාම යෝජනා පත‍්‍රය ප‍්‍රතික්ෂේප කිරීමට එරෙහිව පුද්ගලයන් 7 දෙනෙකු අද (22) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළා.