Sunday, May 12, 2024

General line - 0115112241

ඡන්දය ඉල්ලා ගෙයින් ගෙට යාම සීමා වන ලකුණු

කසුන් කැලුම්




ඡන්දය ඉල්ලා අපේක්ෂකයන් සමග ගෙයින් ගෙට යන පිරිස සීමා කිරීමට මැතිවරණ කොමිසමේ අවධානය යොමු වී තිබෙනවා.

, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් අතර අද (22) පැවති සාකච්ඡාවේදීයි. 

ඒ පිළිබඳ කරුණු දැක්වූ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ ඒ මගින් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා අවම කර ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවයි.

නමුත් ඒ සම්බන්ධයෙන් තමන් මැතිවරණ කොමිසම දැනුවත් කළ බවත් මෙහිදී මැතිවරණ කොමිසමේ සබාපතිවරයා තීරණයක් ගණු ඇති බවත් ඔහු කියා සිටියා.

මැතිවරණ නීති උල්ලංඝණය කරමින් පසුගිය දිනවල පැවැත්වු පෙළපාලි 7ක් සම්බන්ධයෙන් ක‍්‍රියා මාර්ග නොගැනීම පිළිබඅදාළ ප‍්‍රදේශ භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගෙන් කරුණු විමසා ඇති බවද මෙහිදී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියා.

මේ අතර පළාත් පාලන ඡුන්ද විමසීම සම්බන්ධයෙන් මේ මස 31 වනදා දක්වා පොලිසියේ කාර්යභාරය සහා රුපියල් මිලියන 30ක මුදලක් ලබා දීමට අනුමැතිය හිමිව තිබෙනවා.

, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් අතර අද (22) පැවති සාකච්ඡාවකදියි.

ඒ පිළිබ කරුණු දැක්වූ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර.