Sunday, May 12, 2024

General line - 0115112241

සෝමවංශගෙන් විමල්ට ලැබුණු "උම්මා" රනිල් ළඟට ගිහින් අතරමං වුනත් අද ඉන්න තැන මෙන්න




ජනාධිපතිවරයාට සහාය පළ කිරීම සඳහා ඉකුත්දා එක් වූ තිස් එක්දෙනෙකුගෙන් යුත් පිරිස ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් කළ පිරිසක් බව එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ  හම්බන්තොට මිද්දෙනිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින්.

තමන් නොදැනුවත් පිරිසක් ජනාධිපතිවරයාට සහාය දැක්වීම පිළිබඳව තම පක්ෂය සොයා බැලු බවත් මීට වසර 10ට පෙර තම පක්ෂයෙන් පන්නා දැමු පිරිසක් මෙලෙස ජනාධිපතිවරයාට සහාය දීමට එක්ව ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා කියා සිටියා.

ඉන් එක් අයෙකු ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි අන්ජාන් උම්මා බවත් ඇය මන්ත්‍රී විමල් වීරවංශට සහාය පල කරන්නට ගොස් රස්තියාදු වූ බවත් ඉන් අනතුරුව එක්සත් ජාතික පක්ෂයෙන් ඡන්දේ ඉල්ලා දේශපාලන ගමනේ රස්තියාදු වූ අයෙකු බවත් ප්‍රධාන ලේකම්වරයා කියා සිටියා.

දේශපාලන වශයෙන් පුද්ගලයන් බංකලොත් භාවයට පත්වූවත් ජනතා විමුක්ති පෙරමුණ එවැනි තත්ත්වයකට පත්ව නොමැති බව ද ඔහු කියා සිටියා.

මෙවර මැතිවරණයේ දී වැඩි වාසියත් තම පක්ෂය සතු වන බවත් ඊට බිය වූ පිරිස් අනවශ්‍ය ප්‍රචාර සිදුකරන බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා කියා සිටියා.