Monday, May 13, 2024

General line - 0115112241

ශ්‍රී ලංකන් සහ මිහින් ලංකා ගැන සොයන්න කොමිසමක්




බැඳුම්කර කොමිසමේ වාර්තාව ලැබීමෙන් පසු ශ්‍රී ලංකන් ගුවන් සේවය හා මිහින් ලංකා ගුවන් සේවය සම්බන්ධයෙන් සොයා බැලීමට ද කොමිසමක් පත්කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරුන් සමග ජනාධිපති මන්දිරයේ පැවති හමුවකට එක්වෙමින්.

කුමන අභියෝගවලට මුහුණදීමට සිදුවුවද පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් වෙනුවෙන් වූ තම කැපවීම අත්නොහරින බවයි ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ.

වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ රාජ්‍ය බලයෙන්, ධන බලයෙන් හෝ නිල බලයෙන් මෙවර පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කළ නොහැකි බවයි.