Monday, May 13, 2024

General line - 0115112241

අසිරිමත් තන්තල උදා වෙයි

තරංග රුක්ෂාන් ජයසේකර




අසිරිමත් නත්තල ඊයේ (24) මැදියම් රැයෙන් උදා වුණා.

ඒ, පේ‍්‍රමයේ අගය ලොවට කියාදුන් ජේසු බිළිදාගේ උපත සමරමින්.

නත්තලේ උදාව වෙනුවෙන් සෑම කතෝලික දේවස්ථානයකම පාහේ ඊයේ මධ්‍යම රාත‍්‍රියේ දේව මෙහෙයන් පැවැත්වුණා. මෙරට පැවති ප‍්‍රධාන දේව මෙහෙය පැවැත්වුණේ රාගම ශාන්ත පීතර හා ශාන්ත පාවුළු දේවස්ථානවලදීයි.

ඒ, අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප‍්‍රධානත්වයෙන්. නෙත් එෆ්. එම්. රේඩියෝව සංවිධාන කළ දේව මෙහෙය ගම්පහ සිරිකුරුස දේවස්ථානයේ දී සිදු කෙරුණා. එය නෙත් එෆ්. එම්. රේඩියෝව ඔස්සේ සජීවීව විකාශය කිරීමටයි කටයුතු යොදා තිබුණේ. 

පේ‍්‍රමයේ සහ මානව දයාවේ අගය සියලූ දෙනා සමග බෙදාහදා ගනිමින් ශ‍්‍රී ලාංකික කිතුණු බැතිමතුන් ඊයේ මධ්‍යම රාත‍්‍රියේ සිදු කෙරුණු දේව මෙහෙයන් සඳහා එක්ව සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් සඳහන් කළේ.

ශ‍්‍රී ලාංකිකයින් මෙන්ම ලොව පුරා කිතුනු බැතිමතුන් විසින් ද මෙවර නත්තලේ උදාව මහත් හරසරින් සමරනු ලැබුවා. ශුද්ධෝත්තම ෆ‍්‍රැන්සිස් පාප්වහන්සේගේ ප‍්‍රධානත්වයෙන් වතිකානුවේ ශාන්ත පීතර බැසිලිකාවේ දී විශේෂ දේව මෙහෙයක් ද පැවැත්වුණා. 

එහිදී පාප් වහන්සේ විසින් සංක‍්‍රමණිකයින් වෙනුවෙන් යාඥාවක් ද සිදු කළා. එහිදී උන්වහන්සේ සඳහන් කළේ තමන්ගේම නිජ බිමක අපේක්ෂාවෙන් පෙළෙන මිලියන ගණනක සංක‍්‍රමණිකයින් ලෝකය විසින් ප‍්‍රතික්ෂේප නොකළ යුතු බවයි. 

අමෙරිකාව, චීනය, ප‍්‍රංශය, එංගලන්තය, ග‍්‍රීසිය, රුසියාව මෙන්ම මැදපෙරදිග කලාපයේ සහ ඉන්දියාව ප‍්‍රමුඛ ආසියානු කලාපයේ ද නත්තල සමරමින් විශේෂ උත්සව රැසක් සංවිධාන කර තිබුණා.

 

(හැටන් ශ්‍රී කුරුස දේවස්ථානයේ ඡායාරූප පහතින් දැක්වෙයි)