Sunday, May 12, 2024

General line - 0115112241

ජනපති - අගමැති - විපක්ෂ නායක සහ හිටපු ජනපති නත්තල වෙනුවෙන් සුබ පැතුම් එක් කරයි




දේවත්වය සහ මනුෂ්‍යත්වය එකට මුණගැහෙන අපූර්ව සංධිස්ථානයක් ලෙස නත්තල එදා මෙදාතුර මානව ඉතිහාසය තුළ සුවිශේෂි භූමිකාවක් හිමිකරගෙන ඇතැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ඒ, නත්තල වෙනුවෙන් සුභ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින්.

ලෝකය ඉදිරියේ ඇති දැවැන්ත අභියෝග හමුවේ සියල්ලටම විසඳුම් සොයාගත හැක්කේ මනුෂ්‍යත්වය මුල්කර ගනිමින් බවයි එහි දැක්වෙන්නේ.

මනුෂ්‍යත්වයට එරෙහිව එල්ල වී ඇති සෑම ගිනි අවියක්ම නිහඬ කර, සාමයේ සිසිලස තුළ එවැනි මගක යන ගමනක අනාගතය ප‍්‍රභාමත් කරගත හැකි බව ජනාධිපතිවරයා පවසනවා. 

(ජනාධිපතිවරයාගේ නත්තල් සුබ පැතුම් පණිවුඩය)

-----------------------------

මේ අතර අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසන්නේ යහපත් දේ සිතෙහි නිධන් කරගෙන යහපත් මිනිසුන් ලෙස සමාජය පෝෂණය කිරීමට අප සැම මේ නත්තලේ දී අරමුණ කරගත යුතු බවයි.

එවිට නත්තල අර්ථවත් කරගත හැකි බව නත්තල් දිනයට සුභ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා.

අද අප සමාජය ඉල්ලා සිටින්නේ ද ආගමික, වාර්ගික භේද ඉක්මවූ සාමය සංහිඳියාව පිරුණු ගුණදම් සපිරි, නීතිය යුක්තිය රජයන යහපත් දේශයක් බවයි අග‍්‍රාමාත්‍යවරයා පවසන්නේ. 

(අගමැතිවරයාගේ නත්තල් සුබ පැතුම් පණිවුඩය)

---------------------------------

මේ අතර අපේක්ෂා භංගත්වයට පත්ව ඇති ජනතාවගේ ජීවිත තුළට නැවත බලාපොරොත්තු ගෙන ඒමටත් සාමය ස්ථාපනය කිරීමටත් මෙවර නත්තල තුළින් ලැබෙන ආලෝකයෙන් හැකි වේවායි විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා ද නත්තල් සුභ පැතුමක් නිකුත් කරමින් පවසනවා.

(විපක්ෂනායකවරයාගේ නත්තල් සුබ පැතුම් පණිවුඩය)

----------------------------- 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද නත්තල වෙනුවෙන් සුභ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

සාමය සමගිය නව අපේක්ෂාවන් හා සංහිඳියාව සනිටුහන් කර ගනිමින් ජේසුස් වහන්සේ ලොවට කියාදුන් පණිවිඩය මෙවර නත්තලේ දී සියලූදෙනා මෙනෙහි කළ යුතු බවයි මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ.

(හිටපු ජනාධිපතිවරයාගේ නත්තල් සුබ පැතුම් පණිවුඩය)