Monday, May 13, 2024

General line - 0115112241

"තරාතිරම නොබලා පියවරක් ගන්නවා"

නිශාන් ද සිල්වා




මැතිවරණය ඉලක්ක කරගනිමින් ඉකුත් දිනවල සිදු කෙරුණු භාණ්ඩ බෙදාදීමේ සිද්ධින් කිහිපයක් වැළැක්වූ බව මැතිවරණ කොමිසම පවසනවා.

මාතලේ පොත් බෙදාදීමක්, පොළොන්නරුවේ උදළුතල බෙදාදීමක්, ගාල්ලේ පාසල් බෑග් බෙදාදීමක්, කැබතිගොල්ලෑවේ පොහොර මිට බෙදාදීමක් ද ඒ අතරට අයත්.

එළඹෙන පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් කිසියම් අයෙකු භාණ්ඩ හෝ කිසියම් බෙදා හැරීමක් සිදු කරන්නේනම් ඒ පිළිබද ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ මැතිවරණ කාර්යාලයට පැමිණිලි කරන ලෙසට මැතිවරණ කොමිසම මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

එහි සභාපති මහින්ද දේශපි‍්‍රය නෙත් නිවුස් වෙත කියා සිටියේ එවැනි පුද්ගලයන්ට එරෙහිව තරාතිරම නොබලා නීතියානුකූල පියවර ගන්නා බවයි.

එවැනි කි‍්‍රයාවන්ට රජයේ නිලධාරීන් සම්බන්ධ වී තිබුණහොත් ඔවුන්ට එරෙහිවද කටයුතු කරන බවයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියාසිටියේ.

මැතිවරණය ඉලක්ක කර ගනිමින් භාණ්ඩ බෙදාදීමට මැතිවරණ කොමිසම අවසර දී ඇතැයි ඇතැම් මාධ්‍ය පවා වාර්තා කර තිබූ බවද ඔහු පැවසුවා. ඊට ප‍්‍රතිචාර දක්වමින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය කියාසිටියේ එවැනි කිසිදු අවසරයක් ලබාදී නොමැති බවයි.