Friday, September 20, 2024

General line - 0115112241

අපේ ඉඩම් අපට දියව්! හමුදා කඳවුරු ඉවත් කරව්! වව්නියාවේ විරෝධතා (PHOTOS)




වවුනියාව දිස්ත‍්‍රික්කය හා උතුරු පළාත තුළ දෙමළ ජනතාවගේ ඉඩම් අත්පත්කර ගනිමින් පිහිටා ඇති යුද හමුදා කඳවුරු වහා ඉවත් කරන ලෙසට ඉල්ලා වවුනියාව තරුණ සංවිධානය අද (22) වවුනියාව කුඩිඉරිප්පු පිහිටි යුද හමුදා කඳවුර ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණා.

විරෝධතාවයට එක් වු පිරිස පැවසූවේ වර්තමාන ආණ්ඩුව පිහිටුවා වසර එකහමාරක කාලයක් ගත වි ඇතත් වර්තමාන ආණ්ඩුව දෙමළ ජනතාවට ලබාදුන් පොරොන්දු මෙතෙක් ඉටුකොට නොමැති බවයි.

උතුරේ දෙමළ ජනතාවගේ ඉඩම් අත්පත් කරගනිමින් පිහිටා ඇති යුද හමුදා කඳවුරු බලයට පත් වු වහාම ඉවත් කරන බවට පොරොන්දු වු වර්තමාන ආණ්ඩුව දෙමළ ජනතාව මුලා කරමින් සිටින බැව්ද විරෝධතාකරුවන් පැවසුවා.

උතුරේ යුද හමුදා කඳවුරු ඉවත් කරන බවට ලබාදුන් පොරොන්දු ඉටු නොකිරීම හේතුවෙන් ආණ්ඩුව කෙරෙහි දෙමළ ජනතාවගේ විශ්වාසය බිඳ වැටී ඇති බැව්ද විරෝධතාකරුවන් සඳහන් කළා.

දෙමළ ජනතාවගේ ඉඩම් තුළ පිහිටි යුද හමුදා කඳවුරු ඉවත් කරන තෙක් විරෝධතා වැඩසටහන් ඉදිරියටත් පවත්වන බැව්ද වවුනියාව තරුණ සංවිධානය පැවසුවා.

Vavniya www.nethnews.lk00001 Vavniya www.nethnews.lk00002    Vavniya www.nethnews.lk00006 Vavniya www.nethnews.lk00007