Friday, May 17, 2024

General line - 0115112241

ජනවාරි සිට පොලිතීන් හිඟයක්




ලන්ච් ෂීට් සහ ෂොපින් බෑග් සඳහා පැනවෙන තහනම ක‍්‍රියාත්මක කිරීමට ඇත්තේ තවත් දින කිහිපයක් පමණයි.

ඒ සඳහා විකල්ප නිෂ්පාදනයන්ට ගෙන ඇති ක‍්‍රියාමාර්ග පිළිබඳ නෙත්  නිවුස් සොයා  බැලිමක් කළා.

සමස්ත ලංකා පොලිතින් නිෂ්පාදකයන්ගේ සහ ප‍්‍රතිචක‍්‍රීකරණය කරන්නන්ගේ සංගමයේ ලේකම් අනුර හේරත් පැවසුවේ මුල් මාස කිහිපය තුළ යම් ආකාරයක පොලිතීන් නිෂ්පාදනවල හිඟයක් ඇති විය හැකි බවයි.

එහිදී ඔහු සඳහන් කළේ "අලුත් අමුද්‍රව්‍ය ලංකාවට ගේන්න අපිට දැන් කරනවා වගේ හතර ගුණයක් පස් ගුණයක් විතර ලොකු මුදලක් වියදම් කරන්න වෙලා තියෙනවා. ඉතින් ඒක සෑම නිෂ්පාදකයෙකුටම දරා ගැනීමේ අපහසුතාවයක් ඇතිවෙලා තියෙනවා. ඒ නිසා ජනවාරි 01 වැනිදා ඉඳලා වගේ වෙළඳපොල තුළ පොලිතීන් නිෂ්පාදනවල හිඟයක් ඇති වෙන්න පුළුවන්." යනුවෙනි.