Friday, May 17, 2024

General line - 0115112241

ගැටුම් දෙකකින් දෙදෙනෙක් මරුට




කලවංචිකුඩි අරුලානන්දන් ප‍්‍රදේශයේදී තියුණු ආයුධයකින් ඇන  පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

පොලිසිය පැවසුවේ දෙපාර්ශ්වයක් අතර ඇති වූ ගැටුමකදී මෙම ඝාතනය සිදුව ඇති බවයි.

ගැටුමෙන් මිය ගොස් ඇත්තේ විසි දෙහැවිරිදි (22) තරුණයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව කලවංචිකුඩි පොලිසිය පැවසුවා.

මේ අතර, රත්තොට ඇළගලවත්ත ගම්මඩුව ප‍්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. තවත් අයෙකු සමග ඇතිවූ බහින්බස් වීමක් දුර දිග යාම හේතුවෙන් ඝාතනය සිදුව ඇති බවයි රත්තොට පොලිසිය පැවසුවේ.  සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ 46  හැවිරිදි පුද්ගලයෙක්.