Friday, May 17, 2024

General line - 0115112241

මැතිවරණ කොමිසමෙන් එන අලුත්ම පෝස්ටරය මෙන්න




මහජන මුදල් යොදවා ඉදිකෙරෙන ව්‍යාපාතිවලට සිය නම් යොදා ගැනීමට දේශපාලනඥයන් පුවරු සවි කිරිම වැනි ක‍්‍රියාවලින් ඡන්ද දායකයන්ගේ තීරණ ගැනීමේ අයිතියට බාධා එල්ල වන බව මැතිවරණ කොමිසම පවසනවා.

එවැනි තත්ත්වයන් මැඩ පැවැත්වීමට ක‍්‍රියාත්මක කිරීමට නියමිත නව ක‍්‍රමවේදයක් සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය අදහස් දැක්වූවා. 

එහිදී සඳහන් කෙරුණේ "අපි පෝස්ටර් ටිකක් සැළසුම් කළා.. 'මෙය ජනතාවගේ බදු මුදලින් ඉදිකරන ලද්දකි. එබැවින් මේ ඉදිකිරීම වෙනුවෙන් කිසිඳු දේශපාලන පක්ෂයකට, කණ්ඩායමකට හෝ අපේක්ෂකයෙකුට විශේෂ බැඳීමක් ඇතිකර ගත යුතු නැත.' මේක අලවනවා ඒ තැන්වල..ඊට වැඩිය දෙයක් අපිට කරන්න බැහැ. ජනතාවගේ අත්‍යාවශ්‍ය සේවා හෝ අවශ්‍යතා වෙනුවෙන් සිදු කරන දේවල් තවත් පරක්කු කරන්න අපිට පුළුවන් කමක් නෑ..කියන අයනම් කියනවා.. මෙච්චර කල් පරක්කු වුණ එකේ තව දවස් ටිකක් පරක්කු වුණාම මොකෝ කියලා..ඒත් එහෙම කරන්න අපිට බැහැ. රජයේ මුද්‍රණාලයෙන් අපිට කිව්වා කල්ඉකුත් වූ කොලවල මේ පෝස්ටර් ටිකක් ප්‍රින්ට් කරලා දෙන්නම් කියලා..නැත්නම් ඒකටත් සල්ලි යනවානේ.. " යනුවෙනි.
 

මේ අතර  පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් පක්ෂ ලේකම්වරු සහ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය අතර සාකච්ඡාවක් මැතිවරණ  මහලේකම් කාර්යාලයේදී අද පෙරවරුවේ ආරම්භ වුණා.

ඒ සඳහා පරිපාලන සහ මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී. ඩි. වික‍්‍රමරත්න ඇතුළු ඉහළ පෙළේ පොලිස් නිලධාරීන් පිරිසක් ද එක්ව සිටිනවා.

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ කරුණු ගණනාවක් කෙරෙහි එහිදී සාකච්ඡා කෙරෙන බවයි මැතිවරණ කොමිසමේ ප‍්‍රකාශකයෙකු පැවසුවේ.