Friday, May 17, 2024

General line - 0115112241

විසිපන්දහසේ දඩය ප්‍රමාදවීමෙන් වෙලා තියෙන දේ

සජිත් තිලකරත්න




නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ කටයුතු අවසන් නොවීම හේතුවෙන් රථවාහන වැරදි කිහිපයකට පැනවූ රුපියල් 25,000ක දඩය ක‍්‍රියාත්මක කිරීම තවදුරටත් ප‍්‍රමාද වන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසනවා.

එහි සභාපති සිසිර කෝදාගොඩ පෙන්වා දෙන්නේ සියලු කටයුතු අවසන් කර මේ සම්බන්ධ වාර්තා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යොමු කර මාස දෙකක් පමණ ගතවී ඇති බවයි. මේ සම්බන්ධ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවෙන් කිහිපවරක්ම ඉල්ලීම් කළද තවමත් ඊට නිසි ප්‍රතිචාර නොලැබුණ බවද සඳහන් කළා. එය ලැබුණු වහාම ගැසට් කිරීමේ කටයුතු ප්‍රවාහන අමාත්‍යවරයා අතින් සිදුවෙනු ඇති බවද සඳහන් කළා.

මෙම යෝජනාව ක‍්‍රියාත්මක වන බවට වාර්තා පළ වීමත් සමග රිය අනතුරුවල අඩුවක් දක්නට ලැබුණ බවත් මේ වනවිට යළි රිය අනතුරුවල වර්ධනයක් දක්නට ලැබෙන බවත් වෛද්‍ය සිසිර කෝදාගොඩ වැඩිදුරටත් සඳහන් කළා.