Friday, May 17, 2024

General line - 0115112241

හඳුනා නොගත් උණ රෝගයෙන් තවත් දැරියක් මරුට

දිනසේන රතුගමගේ




යාපනය ප‍්‍රදේශයේ පැතිර යන මෙතෙක් හඳුනා නොගත් උණ රෝගයට ගොදුරු වී වයස අවුරුදු 8ක දැරියක් මිය ගොස් තිබෙනවා.

ඒ, යාපනය ශික්ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදියි.

මෙලෙස මිය ගොස් ඇත්තේ යාපනය උඩුප්පිඩි නාවල් ප‍්‍රදේශයේ පදිංචිව සිටි දැරියක්.

පසුගිය මාස 3ක කාලය තුළ යාපනය ප‍්‍රදේශයේ 11 දෙනෙකු සහ මුලතිව් ප‍්‍රදේශයේ 9 දෙනෙකු මෙම හඳුනානොගත් උණ රෝගයකින් මිය ගොස් ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. ඒ අතර කුඩා ළමුන්ද වනවා.