Friday, May 17, 2024

General line - 0115112241

කොන්දොස්තර සියදිවි නසා ගෙන - වාර්තා කරන්න ගිය මාධ්‍යවේදීන්ට පොලිසියෙන් බාධා (PHOTOS)

රෝහණ වසන්ත




බලංගොඩ ඇල්ලෙපොල කොන්දොස්තරවරයෙකු ගෙළ වැළලා ගැනීම සම්බන්ධයෙන් ඥාතියෙකුගෙන් පොලිස් හදිසි ඇමතුම් අංශයට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

බලංගොඩ ඇල්ලෙපොළ පදිංචි වයස අවුරුදු 46 ක් වු කොන්දොස්තරවරයෙකු මෙලෙස ගෙළ වැළලා ගෙන මියගොස් ඇති බවයි වාර්තා වුණේ.

රත්නපුර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නිවසට පැමිණ පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබෙනවා.

මේ අතර මෙම සිද්ධිය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට පොලිසියෙන් බාධා එල්ල වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.