Friday, May 17, 2024

General line - 0115112241

හිටපු ජනපතිගේ නිවසේ ජලය සහ විදුලිය ඇණ හිටී

හේමන්ත කහවලගේ




හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ විජේරාමේ පිහිටි නිල නිවසේ හදිසියේ විදුලි සැපයුම විසන්ධි වී තිබෙනවා. නෙත් නිවුස් වෙත වාර්තා වුණේ පැයකට අධික කාලයක් තිස්සේ විදුලිය විසන්ධි වී ඇති බවයි. මේ හේතුවෙන් නිවසේ ජල සැපයුමද බිද වැටී තිබෙනවා.

නිවසේ ඇති විදුලි ජනන යන්ත‍්‍රයද අකී‍්‍රය වී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ. එය අලූත්වැඩියා කිරීමේ වගකීම පැවරී ඇත්තේ නාවික හමුදාවටයි. අවස්ථා කිහිපයකදී ඒ පිළිබද නාවික හමුදාව දැනුවත් කර තිබෙනවා. එහිදී නාවික හමුදාව පවසා ඇත්තේ විදුලිජනන යන්ත‍්‍රය අලූත්වැඩියා කිරීම සදහා ප‍්‍රමාණවත් මුදල් ලැබී නොමැති බවයි.

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් නාවික හමුදාපති වයස් අද්මිරාල් එස් එස් රණසිංහගෙන් විමසීමක් කළා. ඔහු කියාසිිටියේ මේ පිළිබද සොයා බලා කඩිනමින් පියවර ගන්නා බවයි.