Friday, May 17, 2024

General line - 0115112241

යාපනයට ගෙනා අලියා පෙන්නා ඡන්ද වාසි ගන්නවා! පොලිසියට ව්‍යාජ පැමිණිල්ලක්

දිනසේන රතුගමගේ




එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් විසින් මැතිවරණ නීතිරීති උල්ලංඝනය කරණ බවට  ඊ.පී.ඩී.පී. සංවිධානය විසින් යාපනයේ කෝපායි පොලීසියට කරණ ලද පැමිණිල්ලක් විභාග කළ පොලීසිය එම පැමිණිල්ල පදනම් විරහිත හා ව්‍යාජ පැමිණිල්ලක් බවට තීරණය කොට තිබෙනවා.

පැමිණිලිකරු පොලීසියට දන්වා තිබුණේ එක්සත් ජාතිඅක පක්ෂයේ පිරිසක් ඔවුන්ගේ ඡන්ද සලකුණ වූ අලියා මහජනතාවට ප්‍රදර්ශනය කිරීම පිණිස අලියෙකු යාපනයට රැගෙනවිත් අලියා ප්‍රදර්ශනය කරමින් දේශපාලන වාසි ලබා ගන්නා බවයි. කෝපායි පොලීසියේ නිලධාරීන් පිරිසක් වහාම ඒම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී පොලීසියට තහවුරු වී ඇත්තේ එම අලියා රැගෙන විත් ඇත්තේ යාපනයේ කොන්ඩාවිල් කෝවිලේ වාර්ෂික මංගල්ලයේ පෙරහැර සදහා බවය.

කෝවිලේ භාරකාර මණ්ඩලය ඒ සදහා පූර්ව අනුමැතියක් ලබාගෙන තිබූ අතර ඒ වෙනුවෙන් නිකුත් කොට තිබූ බලධාරීන්ගේ ලිපි ලේඛනද කෝවිලේ පිරිස විසින් පොලීසියට පෙන්වා තිබේ. අනතුරුව පොලීසිය මේ සම්බන්ධයෙන් උසස් නිලධාරීන්ව දැනුවත් කිරීමෙන් පසුව  ඊ.පී.ඩී.පී. සංවිධානයේ පැමිණිලි කරු පොලීසියට කැදවා ඔහුට දැඩි ලෙස අවවාද කොට පිටත්කොට යවා තිබෙනවා.