Friday, May 17, 2024

General line - 0115112241

බෙහෙතකටවත්, බීල මැරෙන්නවත් පොහොර නෑ! ඡන්දය අස්සේ විමල් ආණ්ඩුවට පොහොර මිටියෙන් ගහයි (VIDEO)




රට තුළ පවතින පොහොර හිඟයට ජනවාරි මාසය අවසන් වන තුරු විසඳුමක් නොලැබෙනු ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ පවසනවා. අද (28) පැවති මාධ්‍ය හමුවකදී මන්ත‍්‍රීවරයා කියා සිටියේ පොහොර හිඟය හේතුවෙන් මතුව ඇති ගැටලූවලට ආණ්ඩුව වගකිවයුතු බවයි. 

"රුපියල් 350ට පොහොර ටික දුන්නු ආණ්ඩුව ගෙදර යවල දැන් 2500ටවත් පොහොර නැහැ. පොහොර නැව මග එනවලු. තවම පොහොර නැවට පටවලත් නැහැ. ඒ පොහොර නැව එද්දි ජනවාරි අග වෙනව. දැන් රටේ පොහොර ඇත්තෙම නැහැ. අඩු තරමේ බෙහෙතකටගන්නවත් පොහොර ටිකක් නැහැ. බීල මැරෙන්නවත් පොහොක් නැහැ" යැයි වීරවංශ මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.