Friday, September 20, 2024

General line - 0115112241

කොකේන් තොගය ගැන රහසක් හෙළිවෙයි!




ශී‍්‍ර ලංකාවෙන් සොයා ගත් විශාලතම කොකේන් තොගය සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් අනාවරණ කරගෙන තිබෙනවා. ජාවාරම්කරුවන්ගේ අරමුණවී ඇත්තේ මෙම කොකේන් තොගය ඔස්ටේ‍්‍රලියාවට සහ කැනඩාවට පිටත්කර හැරීමටයි. ඔවුන් ශී‍්‍ර ලංකාව මත්ද්‍රව්‍ය හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස භාවිත කර ඇති බවයි මූලික විමර්ශනවලදී අනාවරණ වුණේ.

කිලෝග‍්‍රෑම් 300කට ආසන්න වූ මෙම කොකේන් තොගය ඊයේ සොයා ගැනුනේ පෑලියගොඩ පෞද්ගලික කන්ටේනර් පර්යන්තයේ ගබඩා කර තිබූ කන්ටේනරයක තිබීයදීයි. එ්වායේ වටිනාකම ආසන්න වශයෙන් රුපියල් කෝටි හතලිස්පන්දහසක්.

එහිදී සැක සහිත කන්ටේනර් හයක් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් විසින් පරීක්ෂා කරනු ලැබුවා. බ‍්‍රසීලයේ සිට පෘතුගාලය ඔස්සේ ශී‍්‍ර ලංකාවට ආනයනය කරන ලද සීනි තොගයක සඟවා තිබියදී මෙම කොකේන් තොගය සොයා ගැනුනා.